Pages

Friday, February 25, 2011

හිරු...

සිතුවාට හැමදාම එළිය සොරකම් කරන්නට
පැතුම් ඉටු නොවේ හැම විටම
තරු පොකුරු වට කර
හිනැහුනත් සඳ අපූරුවට
හිරු නොදෙයි සඳට
මුලා කරනට තරු පොකුර.......

සඳට...

තරුවලට අරුමයක් නොවුනාට
ලෝබ නැතිවම එළිය දුන් ඉර
නොකියාම බැස යාවි
ඈතින් ඉදන් එළිය දේවි
තරුත් එක්ක හිනැහෙන්න...
දිලිසෙන්න...

හීන...

හැමදාම...
ඕන වෙලාවක...
හිත පුරා බලපු
හීනත් හොරා ගත්තු දවසට...
බොඳ උනු දෙනෙත්
මතක් කර සැනසෙන
හැබෑ නොවුනු හීන...

Wednesday, February 23, 2011

අව් කණ්ණාඩි...

අව් කණ්ණාඩි කදිමයි...
වසන් කරන්නට දෑස...
ඒත්...
අඳුරු කළ වීදුරුව එපිට
පිපිල තිබුණු දෑසමන් මල...
වීදුරුව විනිවිද...
ඔය දෑස් මතින්
ආත්මයට කිමිදී දුටුව බව...
දැක්කෙ නෑ නේද නුඹ...
අනේ...
තව ඩිංගක් ඔය වීදුරුව අඳුරු උනානම්...
එළිවෙනකන්ම...
වැටුන පිණි බරට
ඇකිළුණු පෙති දකීවිද බයෙන්
දෑසමන් මල සිතුවා...
නොදැක්කාට නුඹ.....