Pages

Thursday, March 17, 2011

ඔබ කව්ද?

සිතේ තෙරපුන අමුතු පැතුමක්
සීතලට ගොළු උනා මතකයි
අහිංසක සිනහවක් රන්දා
මතකයක් පමණක් ඉතිරිව...

ඔබ කවුරුන්ද නොදනිමි මම...
මා කවුරුන්ද නොදනී ඔබ...
එනමුඳු...
නොදනී නුඹම
පහන්සිළ වී මඟ කියා
පෙන්නුවා නව අරමුණක්
ජීවිතය අරුත් දෙන...

තවමත් සිතමි මම
පුදුමයි මේ විසල් ලොව
හමු නොවුනානම් මෙමංසල
සිහිනයක් වෙද ජීවිතය...