සැණෙළි......දැල්වී නිවෙන....
මඟ හසර නොකියන.....
ගෙන ගොසින් මසිත...
නොපෙනෙනා මානයක...
නෙතු පියන් විවර වුව...
මැකෙනු කෙලෙස...
මතක මං පෙත...
සැණෙළි පෙන්වූ සිහින මාවත...
සඳ එළිය ගෙනැත් දුන් බව අමතකව...
සැණෙළි......
දැල්වී නිවෙන....
මඟ හසර නොකියන.....
මොහොතකට වුව...
මුවට දුන් හසරැල්ල...
...සිතට දුන් සෙනේහය...
නොමෙකේවි කිසි දිනේ...
හද මඬළෙ ලෙංගතුව...
සඳුද නැති..
හිරුද නැති....
බොළඳ දුක් බර අහස....
තරුවක්ව පායන්න....
දැල්වී නිවෙන....
ගෙන එන්න වසන්තය...
අද හෙටම....
සිනා කඳුළු මල් පූදින්න....
සැණෙළි.......
දැල්වී නිවෙන....
මග හසර නොකියන.....
සැණෙළි.....
දැල්වී නිවෙන....
මග හසර නොකියන...
ඉතිරි කර ගිය අඳුර.....
අඳුරක්ම නොවේ මසිතට...
...කැඩපත නුඹ මට...
පෙන්නූ ජීවිතය...
කඳුළු බිඳු රැන්දුව....
බොඳ කල සිහින...
සිහින පමණක්ම බව...
දනිමි අද මම...
ඉතිරි කර ගිය...
මතකය කුළුනුබර...
මහ මෙරක්ය මා සිත...
ජීවිතය කියා දෙන...
නැත කඳුළු හඩන්නට...
සිනා සෙමි නුඹට පෙනෙන්නට...
ඔබ ගෙනා කඳුළු මල්...
අමතකව ඔබ හටම...
නගන්න හසරැල්.....
දැල්වෙන්න නොනිවීම...
සැණෙළි.....
දැල්වී නිවෙන....
මග හසර නොකියන..........
Sunday, January 30, 2011
Subscribe to:
Posts (Atom)